අතිරේක ලේකම්වරයෙක් ඇමති දියණියගෙන් කප්පම් ඉල්ලලා

අතිරේක ලේකම්වරයෙක් ඇමති දියණියගෙන් කප්පම් ඉල්ලලා

ඔක්සිජන් ජනන යන්ත්‍ර මිලදී ගැනීමේ ටෙන්ඩරයකට අනුමැතිය දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් ඇමති දියණියකගෙන් කප්පම් ඉල්ලා ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

අදාල ටෙන්ඩරයට අනුමැතිය දීමට නම් සිය විශ්‍රාම වයස දීර්ඝ කරදෙන ලෙස අදාල අතිරේක ලේකම්වරයා ඇමති දියණියගෙන් ඉල්ලා ඇති බවත්, විශ්‍රාම යෑමෙන් පසු ජීවත්වීම සඳහා වැඩිමිල ලංසුව ඉදිරිපත් කළ ආයතනයට එය ලබාදීම අත්‍යවශ්‍ය බව ද අමාත්‍යවරයාගේ දියණියට දැනුම් දී ඇති බවත් කුමුදේශ් පවසා සිටියා.

මීට අදාල ටෙන්ඩරය BES/PG/Covin/19/2021/31E බවත්, ගෝලීය අරමුදල හරහා මෙම මිලදී ගැනීම සිදු කිරීමට අපේක්ෂිත බවත් කියැවේ.