අද ලෝක ඒඩ්ස් දිනය

අද ලෝක ඒඩ්ස් දිනය

“සමානාත්මතාව සුරකිමු” ලෝක ඒඩ්ස් දිනයේ තේමාව යටතේ මෙවර ලෝක ඒඩ්ස් දිනය (01) අදට යොදී තිබේ.

 සමාජයේ හඳුනා නොගත්  එච්.අයි.වී. වයිරසය ආසාදිත පුද්ගලයන් 700ක පමණ සංඛ්‍යාවක් සමාජය තුළ ගැවෙසන බව මේ අය අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවල යෙදෙන්නේ නම් ඉහළ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජානක වේරගොඩ මහතා ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් පැවැති මාධ්‍ය හමුවකදි පවසා සිටියා.

“මෙවර අරමුණ වෙන්නේ, HIV ආසාදිතයින්ටත් සමාජයේ අනෙකුත් සෑමකෙනෙක්ම ලබන ප්‍රතිලාභ ඒ හා සමානව ඔවුන්ටත් ලබාදෙන්න කියන එකයි.  මේ අවුරුද්දේ පළමු මාස 9 අවසන් වනවිට HIV ආසාදිතයින් 429ක් සොයාගෙන තියෙනවා. මේ අය අතර බොහෝදෙනා තරුණ ප්‍රජාව. ඔවුන් අවුරුදු 15 – 30 අතර. සියයට 35ක් පමණ. ගිය වසරේ මේ තරම් ප්‍රතිශතයක් තරුණ ප්‍රජාවෙන් වාර්තා වුණේ නෑ. ඒකෙන් අදහස් වෙන්නේ තරුණ ප්‍රජාව අතර අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා ඉතා විශාල වශයෙන් සිදුවෙනවා කියන එක.”