ඔක්සිජන් අධිශෝෂක යන්ත්‍ර ගන්න අතිරේක ලේකම්ගෙන් අමුතු ගැහිල්ලක්

ඔක්සිජන් අධිශෝෂක යන්ත්‍ර ගන්න අතිරේක ලේකම්ගෙන් අමුතු ගැහිල්ලක්

ඔක්සිජන් අධිශෝෂක යන්ත්‍ර මිලදී ගැනීමේ ටෙන්ඩරයට ලංසු තැබූ අඩු මිල සමාගම් ඉවත්කොට, වැඩි මිල සමාගමට අවස්ථාව ලබා දීම සදහා සෞඛ්‍ය අතිරේඛ ලේකම්වරයෙකු ලෝක සෞඛ්‍ය සංවිධානයට පවා ඉහල බොරු කොලිටියක් හදන්නට උත්සාහ කරමින් තිබේ.

මෙම අධිශෝෂක යන්ත්‍රවල උපරිම පවිත්‍රතා ධාරිතාව 93% බවත්, එය අගයන් දෙකක අඩු වැඩිවීමක් විය හැකි බවත් දක්වා තිබියදී, සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයා ඊට 95%ක පිරිසිදු බවක් ඉල්ලීම මගින්, එක් යන්ත්‍රයකින් මිලියන දෙසීයකට වඩා වැඩි පාඩුවක් සිදු වේ. ඒ සදහා 93 + (එකතු කිරීම) හෝ - (අඩු කිරීම) යන නිර්දේශයෙන් අඩු කිරීම ඉවත් කර, තාක්ෂණික නොමග යැවීමක් කර ඇත. NATO සංවිධානයේද නිර්දේශය එයම වන අතර, ලංකාවේ සෞඛ්‍ය අතිරේඛ ලේකම්වරයාගේ ප්‍රමිතිය ඊටත් වඩා ඉහල අගයක් ගැනීම ජනතාවට ලැබෙන කොලිටිය කිසිසේත්ම අදාල නොවන, තමන්ගේ මඩිය තර කර ගන්නා එකකි.

ඒ අනූව ගෝලීය අරමුදල මගින් එකී යන්ත්‍ර දෙකක් සහ ආසියානු සංවර්ධන අරමුදල මගින් යන්ත්‍ර 7ක් මිලදී ගැනීමට නියමිත වන අතර, එම යන්ත්‍ර සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයට දැරීමට සිදුවන පාඩුව රුපියල් මිලියන 800ක් පමණ වේ.

ගෝලීය අරමුදල මෙම යන්ත්‍ර මිලදී ගැනීම සදහා වෙන්කර ඇත්තේ යුරෝ මිලියනයක පමණ ආධාරයක් වන බැවින්, ඔවුනගේ මාර්ගෝපදේශයන්ට අනූව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්පූර්ණ මිලදී ගැනීමේ වටිනාකම රුපියල් 394 ක ප්‍රමාණය නො ඉක්මවිය යුතුයි. නමුත් වැඩිමිල සමාගමකට එම අවස්ථාව ලබා දීම හේතුවෙන් රුපියල් මිලියන 424ක් වැය වන බැවින්, එහිදී වැඩිමිල සමාගම ප්‍රතික්ෂේප වීම වලක්වා ගැනීම සදහා වැට් බද්ද රජය මගින් ගෙවීමේ කූට උපායමාර්ගය යොදවා ඇත.

අදාල සමාගමේ VAT බදු රජය මගින් ගෙවීමට තීරණය කිරීම හේතුවෙන් පමණක් යන්ත්‍ර නවයක් සදජා රජයට අහිමිවන මුදල රුපියල් මිලියන 350 ඉක්මවේ.  එසේම එම කූට උපාය මාරගය ගෝලීයන අරමුදල හදුනා ගනු ලැබුවහොත්, ලංකාවම වසර දහයකට අසාධු ගත කිරීම වැලැක්විය නොහැක.

Ravi kumudesh photo 2

| රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය