රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය දැඩි තීරණයක

රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය දැඩි තීරණයක

මෙම වසරේ දෙසැම්බර් මස 31 වෙනිදා වයස 60 සම්පූර්ණ වන රාජ්‍ය නිලධාරීන් කිසිවකුටත් සේවා දීර්ඝ ලබා නොදීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රධාන එහි ප්‍රධානීන් දැඩි ස්ථාවරයක සිටියි.

31 වැනිදා වයස 60 සම්පූර්ණ වන පාර්ලිමේන්තුවේ නිලධාරීහු 27 දෙනෙක් සේවා දීර්ඝයක් ලබා ගැනීමට මේ දිනවල ලොකු පරිශ්‍රමයක යෙදී සිටින බව වාර්තා වේ.

 

සීමිත පිරිසකට සේවා දීර්ඝයක් ලබා දුනහොත් මුළු රාජ්‍ය සේවයම අවුලෙන් අවුලට යෑම වැළැක්විය නොහැකි බව මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු සදහන් කරයි.

එනිසා සීමිත පිරිසකට කිසිසේත්ම සේවා දීර්ඝ ලබාදිය නොහැකි බවද එම නිලධාරියා සඳහන් කරයි.