රාජ්‍ය සේවයේ ලොක්කොත් එක්ක වාහනවලට පැන්ෂන් යන්න බෑ

රාජ්‍ය සේවයේ ලොක්කොත් එක්ක වාහනවලට පැන්ෂන් යන්න බෑ

රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් විශ්‍රාම යනවිට ඔවුන් භාවිතා කළ නිල වාහනවල හිමිකාරීත්වය පැවරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ඉදිරියට රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් විශ්‍රාම යනවිට ඔවුන් ඒ දක්වා පාවිච්චි කළ වාහනය ලබා ගැනීමේ අවස්ථාව අහිමි වේ.

කාලයක් තිස්සේ පැවති විධිවිධාන හේතුවෙන් රාජ්‍ය සම්පත් ලෙස රාජ්‍ය වාහන පුද්ගලික හිමිකාරිත්වයට පවරා දීමක් සිදුව ඇති අතර රාජ්‍ය වියදම් පාලනය කිරීමේ අරුමුණෙන් මෙම තීරණය ගෙන තිබේ.