රජයේ ක්‍රියාකලාපයට විරෝධය දක්වා විදුලි සේවකයෝ පාරට බසිති

රජයේ ක්‍රියාකලාපයට විරෝධය දක්වා විදුලි සේවකයෝ පාරට බසිති

විදුලි ගාස්තු ඉහළ දැමීම සහ රාජ්‍ය සම්පත් විකිණීම ඇතුළු රජයේ ක්‍රියාකළාපයට විරෝධය දක්වමින් ලංකා විදුලිබල මණ්ඩල එකාබද්ධ වෘත්තිය සමිති සංවිධානය කොළඹ පිහිටි ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී ඊයේ(06) පස්වරුවේ විරෝධතාවයක නිරත වූහ.

මෙම විරෝධතාවය සඳහා ලංවීම සේවකයින් විශාල ප්‍රමාණයක් ඒකරාශී වී සිටිය අතර රජයට දැඩි විරෝධත්වය ප්‍රකාශ කරන සටන් පාඨ රැගත් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත විය.