නව බදු සංශෝධනය අනුව පුද්ග​ල බදු අයවෙන ආකාරය ගැන දැනුම්දීමක්

නව බදු සංශෝධනය අනුව පුද්ග​ල බදු අයවෙන ආකාරය ගැන දැනුම්දීමක්

නව බදු සංශෝධනය අනුව පුද්ගල ආදායම් බද්ද අයවන ආකාරය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක පැහැදිලි කිරීමක් සිදුකළා. අද මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකවට එක්වෙමින් මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක මේ බව සඳහන් කළා.

ඒ අනුව කාණ්ඩ අනුව අයවන බදු පහතින්,

  •  මාසික වැටුප රුපියල් 100,000 - බද්ද (0)
  • මාසික වැටුප රුපියල් 150,000 - බද්ද (රු.3,500)
  • මාසික වැටුප රුපියල් 200,000 - බද්ද (රු.10,500)
  • මාසික වැටුප රුපියල් 250,000 - බද්ද (රු.21,000)
  • මාසික වැටුප රුපියල් 300,000 - බද්ද (රු.35,000)
  • මාසික වැටුප රුපියල් 350,000 - බද්ද (රු.52,500)
  • මාසික වැටුප රුපියල් 400,000 - බද්ද (රු.70,500)
  • මාසික වැටුප රුපියල් 1,000,000 - බද්ද (රු.286,500)