ද්විත්ව පුරවැසිභාවයේ ඉල්ලුම ඉහළ යයි

ද්විත්ව පුරවැසිභාවයේ ඉල්ලුම ඉහළ යයි
2021 වසරේ දී ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සඳහා පුද්ගලයන් 5401 දෙනෙකු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත අයදුම්පත්‍ර යොමු කර ඇති බව වාර්තා වේ.
 
එයින් වැඩි ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාවේ වාසය කරන අය වන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
 
ඔ්සට්‍රෙිලියාවෙන් ඉදිරිපත් වූ  අයදුම් පත් ගණන 1,621ක් වන අතර එක්සත් රාජධානියෙන් 885 දෙනෙකු, අමෙරිකාවෙන් 795 දෙනෙකු,  කැනඩාවෙන් 371 දෙනෙකු ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.
 
 
එසේම  ඉතාලිය, ස්විස්ටර්ලන්තය, ස්වීඩනය, නවසීලන්තය, ප්‍රංශය හා ඩෙන්මාර්කය යන රටවලින් ද ද්විත්ව පුරවැසිභාවය සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලුම් කර ඇති බව සඳහන්ය.
 

ඒ අනුව අදාළ පිරිසට ද්විත්ව පුරවැසිභාවය ලබා දීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.