රුසියාවෙන් ශ්‍රී ලංකාවට තවත් සෘජු ගුවන් සේවාවක්

රුසියාවෙන් ශ්‍රී ලංකාවට තවත් සෘජු ගුවන් සේවාවක්
රුසියාවේ "රෙඩ් වින්ග්ස්" ගුවන් සේවය අද (29) සිට රුසියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා ගුවන් ගමන් ආරම්භ කරන බව සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසයි.
 
එම ගුවන් සේවයට අයත් යානයකින් එදින රුසියානු සංචාරකයින් 404දෙනෙකු මෙරටට පැමිණෙන බව එහි සභාපති උපුල් ධර්මදාස කියා සිටියි.
 
අසූර් සහ එරෝෆ්ලොට් ගුවන් සමාගම් මේ වනවිටත් රුසියාවේ සිට ශ්‍රී ලංකාව බලා සෘජු ගුවන් ගමන් ආරම්භ කර තිබේ. "
 
රෙඩ් වින්ග්ස්" සමාගම ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමග රුසියාව හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක සෘජු ගුවන් සේවා සංඛ්‍යාව 3ක් බව කියැවෙයි.