වෛද්‍යවරුන්ගේ කලු විරෝධතා සතියක්

වෛද්‍යවරුන්ගේ කලු විරෝධතා සතියක්
රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට විරෝධය පළ කරමින් ජනවාරි මාසයේ අවසන් සතිය කළු විරෝධතා සතියක් ලෙස ප්‍රකාශයට පත්කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිවේදනය කර තිබේ.
 
සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ,ආර්ථික වශයෙන් රට පත්ව ඇති අර්බුදය හමුවේ තවදුරටත් බදු අය කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් වෘත්තිකයන් දැඩි පීඩාවට පත්ව සිටින බවයි.
 
එම හේතුවෙන් අත්තනෝමතික බදු සංශෝධනයට විරෝධය දැක්විමේ එක් පියවරක් ලෙස දිවයිනේ සියලු රෝහල් ආවරණය වන පරිදි වෛද්‍යවරුන් 20,000කගෙන් පෙත්සමකට අත්සන් ලබාගැනීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙන බවත් හෙතෙම සඳහන් කලේය.
 
තවද, එම අත්සන් සහිත පෙත්සම ජනවාරි 10 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් අනාවරණය කලේය.