හෙට (දෙසැ. 31) සිට රාජ්‍ය සේවකයෝ තිස්දාහක් ගෙදර

හෙට (දෙසැ. 31) සිට රාජ්‍ය සේවකයෝ තිස්දාහක් ගෙදර

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යාම සම්බන්ධයෙන් රජය ගත් තීරණය අනුව රාජ්‍ය සේවයේ අවුරුදු 60 සම්පූර්ණ කළ සේවකයන් දෙසැම්බර් 31 වැනිදා  රාජ්‍ය ‌සේවකයන් 30,000කට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම යාමට නියමිතය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය සේවය තුළ වැඩිම පිරිසක් එකවර විශ්‍රාම යන පළමු අවස්ථාව ‌මෙයවන අතර, රටේ ආර්ථික අර්බුදයත් සමග විශ්‍රාම යාමෙන් ඇති වෙන පුරප්පාඩු පිරවීමක් සිදුනොකරන බව රජය පවසයි.

විදුලි බල මණ්ඩලයේ සේවකයින් 1000කට වැඩි සංඛ්‍යාවක් විශ්‍රාම ගැනිමට නියමිත බව අමාත්‍යවරයා පවසන අතර,විදුලිබල මණ්ඩලයට නව බඳවාගැනීම් කිසිවක් නොකරන බවද ඔහු දුරටත් සඳහන් කරයි.