කොවිඩ් පැතිරීමේ අවදානමක් - සෞඛ්‍ය පුරුදු පිළිපදින්න

කොවිඩ් පැතිරීමේ අවදානමක් - සෞඛ්‍ය පුරුදු පිළිපදින්න

චීනය ඇතුළු ලෝකයේ බොහෝ රටවල් යළිත් කොරෝනා අසාදිතයන් වාර්තා වීම ඉහළ යාම හමුවේ ශ්‍රී ලංකාවේ ද ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටිනවා.

“අපි දන්නවා මේ මොහොතේ ලෝකයේ බොහෝ රටවල් සංඛ්‍යාවක් විශේෂයෙන් චීනය, ඉන්දියාව වගේ රටවල්වල සහ තවත් රටවල් කිහිපයකම රෝගීන්ගේ වැඩි වීමක් සිදු වෙලා තියෙනවා. ඒ තත්ත්වය තුළ අපිට යම් ආකාරයක මේ රෝගය ගැන අවධානයෙන් ඉන්න එක වැදගත්.”

කොරෝනා රෝගය බරපතළ ප්‍රශ්ණයක් ලෙස මේ මොහොතේ නොපෙනුන ද එය අවසන් වී නොමැති හෙයින් යළි ඉහළ යාමේ අවධානමක් පවතින බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.

මේ හේතුවෙන් පසුගිය කාලයේ අනුගමනය කළ සෞඛ්‍ය පුරුදු පෙරටත් වඩා හොඳින් පිළිපැදිය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.