රාජ්‍ය සේවයේ නව බඳවා ගැනීම් සිදුකිරීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ නව බඳවා ගැනීම් සිදුකිරීමට කැබිනට් අනුමැතිය

දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණි කිහිපයකට කඩිනමින් නව බඳවා ගැනීම් සිදු කිරීමට අනුමැතිය ලබා දී තිබෙන බව වාර්තා වේ.

මේ බඳවා ගැනීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ අනුව දුම්රිය රියැදුරන් 100 ක්, නියමකයින් හා ස්ථානාධිපතිවරුන් බඳවා ගන්නා බවයි.

මීට අමතරව කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් 3000 ක් ද කඩිනමින් බඳවා ගැනීමට නියමිතය.

ඔවුන් රජයේ රැකියා ලක්ෂයක් සඳහා අඩු ආදායම්ලාභි පවුල්වලින් බඳවා ගත් පිරිසෙන් තෝරා ගන්නා බව ද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.