රජය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යූහගත කිරීමට වෙනම ආයතනයක්

රජය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යූහගත කිරීමට වෙනම ආයතනයක්

රජය සතු ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන කඩිනම් කිරීමට හැකි වන පරිදි 100%ක කොටස් හිමිකාරිත්වය භාණ්ඩාගාරයේ ලේකම් සතු වන අයුරින් මහා භාණ්ඩාගාරයට අනුබද්ධිත මව් සමාගමක් ස්ථාපිත කිරීමටත්, ප්‍රතිව්‍යූහගතකරණය සඳහා හඳුනාගනු ලබන රාජ්‍ය ව්‍යවසායයන් එකී මව් සමාගමට අනුබද්ධිත සමාගම් ලෙස ලියාපදිංචි කිරීමටත් අවශ්‍ය විධිවිධාන සැලසීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

2022 අතුරු අයවැය මෙන්ම 2023 වර්ෂය සඳහා වන අයවැය ඉදිරිපත් කිරීමේදී ද රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා වන යෝජනාව ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී.