ගුරුසේවයට බදවා ගැනිමේ ගැසට් නිවේදනය ළඟ එනවා

ගුරුසේවයට බදවා ගැනිමේ ගැසට් නිවේදනය ළඟ එනවා

උපාධිධාරින් ගුරුසේවයට බදවා ගැනිමේ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා (05) දින පාර්ලිමේන්තු විවාදයේදී කියා සිටියේය.

අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා නැගු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් මේ බව ප්‍රකාශ කර සිටියා. එහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ,  ඊට අදාළ උපදෙස් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වෙත ලබාදි ඇති බවත්, වයස අවුරුදු 35 ට අඩු අභ්‍යාසලාභින් ගුරු වෘත්තියට බදවා ගැනිම සම්බන්ධයෙන් සලකා බැලන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.