ඛනිජ තෙල් බෝනස්වලට කෝටි ගණන් ගෙවූ හැටි විගණනයෙන් හෙළිවෙයි

ඛනිජ තෙල් බෝනස්වලට කෝටි ගණන් ගෙවූ හැටි විගණනයෙන් හෙළිවෙයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් සඳහා 2021 වසරේ වැටුප් හා දීමනා ලෙස ගෙවා ඇති රුපියල් කෝටි 603කට ආසන්න මුදලෙන් වැඩි ප්‍රතිශතයක් වෙන්කර තිබෙන්නේ අතිකාල ගෙවීම සඳහා බව විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.
 
වැටුප් හා දිමනා සඳහා 2020 වසරේදි වැය වි තිබෙන්නේ කෝටි 494ක් බවද එම වාර්තාවෙන් හෙළිදරව් වී ඇත.
 
සංස්ථාවේ සේවය කරන 2296ක් වන සේවකයන්ගෙන් 998ක් තමන්ගේ මූලික වැටුපෙන් සියයට පනහකට අධික මුදලක් අතිකාල ලබන බවද, සේවකයින් 391ක් එනම් සමස්ත සේවක සංඛ්‍යාවෙන් සියයට 17ක් මුලික වැටුපෙන් සියයට සීයකට අධික අතිකාල දීමනාවක් ලබන බවද එම වාර්තාවේ සඳහන් වී තිබේ.
 
එසේම සේවකයන් 16 දෙනකු තමන්ගේ මූලික වැටුප මෙන් සියයට දෙසීයක අතිකාල දීමනාවක් ලබන බවද එම වාර්තාවේ දැක්වෙයි.
 
බොහෝ සේවකයන්ගේ වැටුප්වලින් සැළකිය යුතු ප්‍රමාණයක් ණය සඳහා කපාගැනීමට සිදුව ඇති බවද, ඒ නිසා ඇත්ත අතිකාල සේවාවක් අවශ්‍ය නොවන අවස්ථාවලද ඔවුන්ට අතිකාල සේවයේ නිරත වීමට ආයතනය ඉඩ දි ඇති බවද, ඒ අනුව මේතරම් විශාල අතිකාල දීමනාවක් ගෙවීමට සිදුව ඇති බවද එම වාර්තාවෙන් අනාවරණය වී තිබේ.