දිගින් දිගටම දුම්රිය ප්‍රමාදයට හේතුව ඇමති උපදෙස් නොතකා හැරීමයි

දිගින් දිගටම දුම්රිය ප්‍රමාදයට හේතුව ඇමති උපදෙස් නොතකා හැරීමයි

පසුගිය දින රාජ්‍ය සේවයේ විශාල පිරිසක් විශ්‍රාම ගැන්වීමත් සමග දුම්රිය දෙපාර්තමේන්තුවේ අත්‍යාවශ්‍ය සේවා කටයුතු වල නියැලුණු සේවකයින් විශාල පිරිසත් විශ්‍රාම ගැන්වීමත් සමග දුම්රිය ධාවනය කිරීම දිගින් දුම්රිය අවලංගු වන තත්ත්වක් උද්ගත වී ඇති බව වෘත්තීය සමිති නායකයකු “වැඩබිම“ කළ විමසීමකදී ප්‍රකාශ කරන ලදි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ දුම්රිය සේවක හිඟය හේතුවෙන් දුම්රිය අවලංගුවුවත්, ප්‍රවාහන අමාත්‍යතුමාගේ උපදෙස් පවා ක්‍රියාත්මක නොකර සිටීමට දුම්රිය පරිපාලන අංශ ප්‍රධානී අතිරේක සාමාන්‍යාධිකාරීවරිය කටයුතු කරමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති අතිරේක සාමාන්‍යාධිකාරී පරිපාලන වෙත කරුණු දැක්වු විට, ‘’මේ රටේ සෑම පුද්ගලයෙකුම වගකීම් අතහැර ඇති නිසා දුම්රිය අවලංගුවීම සම්බන්ධයෙන් පමණක් තමන්ට වගකීම් දැරිය නොහැකිය’’ යැයි ප්‍රකාශ කරන ලද බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.