රාජ්‍ය සේවක නිවාඩු කපයි

රාජ්‍ය සේවක නිවාඩු කපයි

දැනට විවිධ විශේෂ අවශ්‍යතා සහ උත්සව ආදිය වෙනුවෙන් රාජ්‍ය සේවකයින්ට ලබාදෙන රජයේ නිවාඩු දින අඩුකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව ඇත.

මේ ගැන අවධානය යොමුවී ඇත්තේ මහජනතාවට අත්‍යාවශ්‍ය රාජකාරි ප්‍රමාදයකින් තොරව ඉටුකර ගැනීම වෙනුවෙනි. ඒ අනුව රජයේ නිවාඩු දින අඩුකර වැඩ කරන දින ප්‍රමාණය වැඩිකිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි අවධානය යොමුව ඇත. ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරන ලෙසද හෙතෙම බලධාරින්ට උපදෙස් දී ඇත.

එමගින් රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සහ මහජනතාවට රජයේ සේවයත් ප්‍රමාදයකින් තොරව ලබාගැනීමේ හැකියාව සපුරාදෙනු ඇතැයි අපෙක්ෂා කෙරේ.

(දිවයින)