රාජ්‍ය පරිපාලන ලේකම් සමාව ගත් බව මැතිවරණ කොමිසම කියයි

රාජ්‍ය පරිපාලන ලේකම් සමාව ගත් බව මැතිවරණ කොමිසම කියයි

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා මැතිවරණ කොමිසමෙන් සමාව අයැද සිටි බව වාර්තාවේ.

ඒ පළාත් පාලන මැතිවරණයට අදාළව ඇප තැන්පතු භාර ගැනීම සම්බන්ධව දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලිපියක් නිකුත් කිරීම පිළිබඳව කරුණු විමසීම සඳහා (13) දින පස්වරුවේ මැතිවරණ කොමිසම වෙත කැඳවූ අවස්ථාවේදී ය.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම  සඳහන් ක‍ළේ, මැතිවරණයක් ප්‍රකාශයට පත්ව ඇති අවස්ථාවක දී රාජ්‍ය නිලධාරින් ක්‍රියා කළ යුතු ආකරය පිළිබඳව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට මෙහිදී පැහැදිලි කර දුන් බවයි.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.