වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම ගැන පාර්ලිමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාර්තාවක් කැඳවයි

වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම ගැන පාර්ලිමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාර්තාවක් කැඳවයි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ දිවයිනේ මන්දපෝෂණ තත්ත්වය වැඩි වර්ධනය වීම සම්බන්ධව හෙළිදරව් කළ වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කථානායකවරයාගේ අනුමැතියට යටත්ව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාර්තාවක් කැදවීමට පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් කාරක සභාව තීරණය කොට ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය විසින් කතානායකවරයා වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් වාර්තාවකට අනුව කතානායකවරයා විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කොට ඇති බව පාර්ලිමේන්තු පෙත්සම් කාරක සභාව මීට පෙර දැනුම් දෙන ලදී.

පාර්ලිමේන්තුව පෙත්සම් කාරක සභාව වෛද්‍ය චමල් සංඛ්‍ය මහතාගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාර්තාවක් කැඳවීමට තීරණය කර ඇති බව පසුගිය දා නිවේදනය කළේය.

මන්ද පෝෂණ තත්ත්වය වැඩි වර්ධනය වීම සම්බන්ධයෙන් වෛද්‍ය චමල් සංජීව මහතා කළ හෙළිදරව්න රජය අපහසුතාවයට හා සෞඛ්‍ය අමාත්‍යාංශය අගතියට පත්වූ බව සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ඒ මහතාගේ වැඩ තහනම් කිරීමට පසුගිය වර්ෂයේ නොවැම්බර් මාසයේ දී කටයුතු කරන ලදී.

රටේ ඖෂධ හිඟය වළක්වා ගැනීමට සැලසුම් සහගතව ක්‍රියාත්මක නොවීමත් සැලසුම් සහගතව ඖෂධ මිලදී නොගැනීම නිසා හදිසි ඖෂධ මිලදී ගැනීම් වලින් රජයට අතිවිශාල පාඩුවක් වන බවද වෛද්‍ය චමල් සංජීව මහතා හෙළිදරව් කළ අතර එම සිදුවීම ද වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනම් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පාදක කරගෙන ඇත.

කොවිඩ් රෝග ව්‍යාප්ත අවස්ථාවේදී නිසි පරිදි විද්‍යාත්මක ප්‍රවේශයන් අනුගමනය නොකිරීමෙන් විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් හානි විය හැකි බවට ඒ මහතා ජනමාධ්‍ය ඔස්සේ අනාවරණය කළ අතර එම සිදුවීම ද මෙම වැඩ තහනම් කිරීම සඳහා තවත් හේතුවක් ලෙස සෞඛ්‍ය ලේකම්වරයා දැනුම් දී ඇත.

මේ අනුව වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනම් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා එකිනෙකට වෙනස් සිදුවීම් ගණනාවක් එක් කොට ඇති අතර ඒ මහතාගේ වැඩ තහනම් කිරීම දේශපාලන අවශ්‍යතාවයන් මත සිදු වූ දේශපාලන පළිගැනීමක් ලෙස මෙම මහජන පෙත්සම මගින් පාර්ලිමේන්තුව දැනුවත් කොට ඇති අතර දැනටමත් මැද වැඩ තහනමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ද විභාග වේ.

මේ අතර ජාත්‍යන්තර මානව හිමිකම් කොමිෂන් සභාව හා ජාත්‍යන්තර සරණාගත ආයතනයන් වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනම් වීම සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කොට ඇති අතර ඒ මහතා විසින් මානව හිමිකම් කොමිසන් සමහර හා ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් පිළිබඳව ආයතන ඉදිරියේ අනුගමනය කළ යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද ඔවුන් ඔහුව දැනුවත් කොට ඇත.

පෙත්සම් සභා කාර්යංශයේ ලිපිය පහතින් දැක්වේ