දුම්රිය ලොක්කෝ අගමැති ලේකම් දූන් තීරණ වෙනස් කරලා

දුම්රිය ලොක්කෝ අගමැති ලේකම් දූන් තීරණ වෙනස් කරලා

දුම්රිය එන්ජින් රියදුරු, නියාමක තනතුරු සදහා රාජ්‍ය සේවයේ සිටින උසස් පෙල සදහා ගණිත අංශයෙන් පෙනි සිට සමත්ව ඕනෑම උපාධියක් ලැබු උපාධිධාරීන් බදවා ගැනිමට අගමැති ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති කමිටුව මුලින් ගත් තීරණය ප්‍රවාහන අමාත්‍යංශයේ නිළධාරින්ගේ හා අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී (පාලන) විසින් එම තීරණය වෙනස් කර ඇති බව දුම්රිය නඟා සිටුවිම සඳහා වෘත්තීය සමිති එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, සහයක තනතුර සදහා රාජ්‍ය සේවයට බදවාගත් බහුකාර්ය සේවකයින්ගෙන් බඳවා ගැනීමටත් තීරණය ගත් බවයි.

එම තීරණ ඉවත්කර දුම්රියට පමණක් විවෘත පදනමින් එන්ජින් රියදුරු හා  රියදුරු සහයකයින් පමණන් බදවා ගැනීමටත්, නියාමකයින් දැනට රාජ්‍ය සේවයේ සිටින ඩිප්ලොමාධාරින්ගෙන් බඳවා ගැනීමටත් ගෙන ඇති තිරණය තුලින් දැවැන්ත පරිපාලනමය ගැටළුවක් ඉදිරියේදි ඇතිවනු ඇති බවට එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දී ඇත.