අද සිට පාසල් නිවාඩු

අද සිට පාසල් නිවාඩු

2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ පාසල්) තෙවන වාරයේ දෙවන අදියර 2023.01.20 වන සිකුරාදා දින අවසන් වේ.

මුස්ලිම් පාසල් සඳහා තෙවන වාරයේ දෙවන අදියර 2023.02.06 සඳුදා දින අවසන් වන අතර සියලු ම පාසල්වල තෙවන වාරයේ තෙවන අදියර 2023.02.20 වන සදුදා දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.