ජනවාරිය තවම කළුයි !

ජනවාරිය තවම කළුයි !

ඝාතනයට සහ අතුරුදන්කිරීමට ලක්කළ මාධ්‍යවේදීන් සිහිපත් කිරීම උදෙසා මාධ්‍යවේදීන්, මාධ්‍ය සංවිධාන, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සහ විද්වතුන් හා එක්ව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වාර්ෂිකව සංවිධානය කරන කළු ජනවාරිය සැමරුම වැඩසටහන මෙවරත් පැවැත්වීමට කටුයුතු සූදානම් කර ඇත.

“මාධ්‍ය වෘත්තිකයන් සුරැකීමට එක්ව ඉදිරියට යාම“ යන මාතෘකාව යටතේ මෙවර කළු ජනවාරිය මෙම මස 24 වන අඟහරැවදා සවස 4.00 සිට බොරැල්ල, නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී පැවැත්වේ.

එහිදී විශේෂ සකච්ඡා සභාවක් පැවැත්වෙන අතර ඒ සඳහා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී හනා ඊබ්‍රහීම්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හා ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමරප්පෙරුම යන මහත්ම මහත්මීන් සහභාගී වේ.

ආරාධිත දේශනය පවත්වන්නේ නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසිනි.