මැතිවරණ වියදම් නියාමන පනතට කතානායක අත්සන තබයි

මැතිවරණ වියදම් නියාමන පනතට කතානායක අත්සන තබයි

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය අත්සන තබා ඇත.

ඒ අනුව  2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ලෙස බලාත්මක වේ

මෙම පනතට අමතරව පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පතටද කතා නායකවරයා අත්සන තබා සහතික කර තිබේ. ඒ අනුව 2023 අංක 2 දරණ පුනරුත්ථාපන කාර්යාංශ පනත බලාත්මක වේ.

මැතිවරණ අපේක්ෂකයන් විසින් තම ඡන්දයේදී වැය කරන වියදම් සීමාකිරීම මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතින් විධිවිධාන සැලසේ.