ජනවාරිය තවම කළුයි - යුක්තිය තව නෑ

ජනවාරිය තවම කළුයි - යුක්තිය තව නෑ

ගෙවීගිය දශක කිහිපය තුළ මාධ්‍යය නිදහස , ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම දූෂණය හා භීෂණයට එරෙහිව හඬ නැගූ මාධ්‍ය සගයන් ඝාතනය , පැහැර ගැනීම, අතුරුදහන් කිරීම, වද හිංසා පැමිණවීම සහ මාධ්‍ය ආයතනයන්ට පහර දීම ආදී සියලු ආකාරයේ අපරාධයන් සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා 2023 - 01 - 27 දින සවස විහාර මහාදේවී උද්‍යානය අසල පැවැත්වෙන විරෝධතා සැමරුමක් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යෙව්දීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබුණි.  

පසුගිය කාල වකවානුව තුළ ජනමාධ්‍යයට එරෙහිව බොහෝ අපරාධයන් සිඳුවූයේ ජනවාරි මාසය තුළ බැවින් ජනමාධ්‍ය සමාජය ජනවාරිය කළු ජනවාරිය ලෙස සංකේතාත්මකව සමරණු ලබයි.

ජනමාධ්‍ය සංවිධාන , වෘත්තිය සමිති , බහුජන සංවිධාන නියෝජිතයන් ගේ සහ උතුරු /නැගෙනහිර ජනමාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතාවයට සහභාගී වී සිටියහ.