‘කළු ජනවාරිය’ ක් ඇයි?
මාධ්‍ය මර්ධනයට එරෙහි– “කළු ජනවාරිය”
පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එරෙහිව එල්ල වූ මර්දනයට එරෙහිවත් විශේෂයෙන්ම ඝාතනයන්ට, ප්‍රහාරයන්ට හා අතුරුදහන් කිරීම්වලට ලක් වූ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයින්ට අදාළව නීතිය ක්‍රියාත්මක කර වගකිව යුත්තන්ට දඬුවම් ලබා දීමට ආණ්ඩුව ක්‍රියා නොකිරීම පිළිබදව විරෝධය පළ කිරීම සඳහාත්,
එහිදී විශේෂයෙන් පසුගිය වසර ගණනාවක් තුළදී ‘ජනවාරි මාසය’ තුළ සිදු වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, සිරස මාධ්‍ය ආයතනයට එල්ල වූ ප්‍රහාරය මෙන්ම මාධ්‍යවේදී ප්‍රගීත් එක්ණැලිගොඩ අතුරුදහන් කිරීම වැනි බරපතල කරුණු සලකා අදාල විරෝධතාවය ‛කළු ජනවාරිය’ ලෙස නම් කිරීමට ලංකාවේ මාධ්‍ය සංවිධාන තීරණය කරන ලදි.
එබැවින් මාධ්‍ය මර්ධනයට විරුද්ධවත්, මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් ඝාතනයට, ප්‍රහාරයන්වලට ලක්කිරීමට සහ අතුරුදහන් කිරීම්වලට මෙන්ම විවිධ දුෂ්ඨ බලපෑම් වලටත්, මාධ්‍ය ආයතනවලට ප්‍රහාරයන් එල්ල කිරීම් වලටත් එරෙහිව ජනවාරිය ‘‘කළු ජනවාරිය” ලෙස නම් කරන ලදි.
එයට කළු ජනවාරිය යැයි නම් කිරීමට බලපෑ විශේෂ සිදුවීම් කිහිපයක් පහත දක්වන්නේ ඒක් පසෙකින් ලංකාවේ ආණ්ඩුවල තිබෙනවා යැයි කියන, කියපු, මාධ්‍ය නිදහසත්, නීතියේ ආධිපත්‍යයත්, කළු ජනවාරියේ දී ප්‍රශ්ණ කිරීමට ලක් කරනු පිණිසත් සහ මේ සිදුවීම්වල වැරදි කරුවන්ට නිසි දඩුවම් ලබා දීමට බළධාරීන්ට බල කර, ‘යුක්තිය’ ලබා ගැනීමට බලකරනු පිණිසත් ය.
‘‘කළු ජනවාරිය” විශේෂයෙන් ජනමාධ්‍යට එරෙහිව එල්ලකල අපරාදයන් සිදුකළ ‘අපරාධකරුවන්’ නීතිය හමුවට පමුණුවා නිසි ක්‍රියාමාර්ග ගැනීමට බල කිරීමත්, විශේෂයෙන් එම අපාරාදයන් හී ගොදුරු බවට පත්වූවන්ට ‘යුක්තිය’ ලබා ගනු පිණිස සිදුකරන බලපැම් ක්‍රියාවළියකි. එමෙන්ම ලංකාව තුළ දශක ගණනාවක් පවත්වාගෙන එන ‘දණ්ඩමුක්තිය’ අවසන් කිරීමට බලධාරීන්ට බලපෑම් කිරීමත්, ඒ සදහා පුරවැසි සමාජය දිරිගැන්වීමත්ය.
මේ එම බිහිසුණු ජනවාරියේ ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයින් සහ කලා සංස්කෘතික ක්‍රියාකාරීන් කිහිපදෙනෙක්…..
මාධ්‍ය අයතනවලට ප්‍රහාර එල්ලකිරීම
2006 සිට 2012 දක්වා සිදු කරන ලද ඝාතනයන්, අතුරැදහන් කිරීම් සහ පහරදීම් ඇතුලු ජනමාධ්‍යට එල්ලකරන ලද තර්ජනයන් ගේ සම්පූර්ණ විස්තරයක් සදහා පිවිසෙන්න.
[මෙහි බොහොමයක් සිදුවීම් උපුටා ගැනීම – සීතා රංජනී සංස්කරණය කළ, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රකාශයට පත් කල ‘අදහස් ඝාතනයේ ගොදුරැ‘ කෘතියෙනි]
@https://blackjanuarysrilanka.wordpress.com/about/(Edit)
(vikalpa.org)
සබැඳි පුවත්
