අද (30) දුම්රිය ගණනාවක් අවලංගු වෙයි ?

අද (30) දුම්රිය ගණනාවක් අවලංගු වෙයි ?

දුම්රිය එන්ජින් රියදුරු වරුන් අණ පොරොත්තු සේවා වාරවලින් බැහැරවීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීරණය වීම හේතුවෙන් අද(30) දින දුම්රිය ධාවනයට බාධා පැමිණිය හැකි බව දුම්රිය නගා සිටුවීම සදහා වෘත්තීය සමිති පෙරමුණේ, කැඳවුම්කරු, ඉන්දික දොඩන්ගොඩ මහතා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මේ හේතුවෙන් දින (30) දුර ගමන් සේවා වාර ඇතුළු දුම්රිය ගණනාවක් අවලංගු විමට නියමිත බව එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකා දුම්රිය එන්ජින් රියදුරු සංගමය විසින් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වෙත යවන ලද ලිපිය පහතින් දැක්වේ.