විරෝධතා පැවැත්වීම වළකාලමින් අධිකරණයෙන් තහනම් නියෝගයක්

විරෝධතා පැවැත්වීම වළකාලමින් අධිකරණයෙන් තහනම් නියෝගයක්

75 වන ජාතික නිදහස් සැමරුම් උළෙලට විරෝධය පළ කරමින් හෙට (04) කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාවලට අදාළව නිදහස් උත්සවයට බාධා වන පරිදි  ගාලු මුවදොර භූමියට උද්ඝෝකකරුවන්ට ඇතුළු වීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (03) නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එම උත්සවයට බාධා කරමින් ශිෂ්‍ය බලමණ්ඩල, බහුජන සංවිධාන සංවිධාන ඇතුලු විපක්ෂ ක්‍රියාකාරීන්  සංවිධානය කර ඇති උද්ඝෝණ සහ පෙළපාලි තහනම් කරන ලෙස කොටුව, කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය පොලිස් ස්ථාන විසින් සිදු කරන ලද ඉල්ලීම සලකා මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කර තිබෙන බවත් සඳහන්.