රාජ්‍ය නිලධාරීන්ට තවත් සීමාවක්

රාජ්‍ය නිලධාරීන්ට තවත් සීමාවක්

වත්මන් තත්ත්වය යටතේ මිලට ගත හැකි ඉන්ධන ලීටර් ප්‍රමාණය අනුව රජයේ නිලධාරීන්ගේ ඉන්ධන දීමනාව සීමා කිරීම කෙරෙහි රජය දැඩි අවධානය යොමු කර තිබේ.

 සියලුම සේවාවන්හි පළමු ශ්‍රේණියේ නිලධාරීන්ට ලීටර් දෙසිය විසිපහක උපරිමයකට සහ ලීටර් එකසිය පහළොවක අවමයකට යටත්ව ඉන්ධන දීමනාව ලබා දෙන නමුත් කිව්.ආර්. කේතය අනුව මේ සෑම නිලධාරියකුටම මාසයකට ලබා ගත හැකි උපරිම ඉන්ධන ලීටර් ප්‍රමාණය අසූවක් පමණි. ඒ අනුව ලීටර් දෙසිය විසි පහක උපරිම ඉන්ධන හිමිකමක් ලබන නිලධාරියා ලීටර් එකසිය හතළිස් පහකට අදාළ දීමනාවක් ලබා ගන්නේ ඉන්ධන පාවිච්චි කිරීමකින් තොරවය. ලීටර් එකසිය පහළොවක අවම ඉන්ධන හිමිකමක් ලබන නිලධාරියා ද ලීටර් තිස්පහකට අදාළ මුදලක් ලබා ගන්නේ ඉන්ධන පාවිච්චි කිරීමකින් තොරවය.

 මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළහොත් රජයට විශාල මුදලක් ඉතිරි කර ගත හැකි බව අදහස් දැක්වූ රජයේ ඉහළම නිලධාරියෙක් පැවසීය. 

 උපරිම සහ අවම ලීටර් ප්‍රමාණයන් සලකා දළ වශයෙන් එක් නිලධාරියෙක් ලීටර් සියයකට අදාළ මුදල් ලබා ගන්නේ යැයි සලකතොත් රජය වසරකට වැය කළ යුතු මුදල රුපියල් කෝටි හාරදහස් අටසියයක් වන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.