ඉන්දියානු වීසා ලබාදීම නැවත දැනුම් දෙනතුරු නවතා දමයි

ඉන්දියානු වීසා ලබාදීම නැවත දැනුම් දෙනතුරු නවතා දමයි

ඉන්දියානු වීසා නිකුත් කිරීමේ IVS Lanka (Pvt) Ltd ආයතනය ඊයේ (පෙබ. 14) රාත්‍රියේ ආරක්ෂාව සම්බන්ධයෙන් වාර්තා වූ සිදුවීමක් මත නැවත දැනුම් දෙන තුරු වසා තබන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඒ අනුව ඕනෑ ම හදිසි කොන්සියුලර්, වීසා කාරණයක් සඳහා සියලු ම අයැදුම්කරුවන්ට දුරකතන මාර්ගයෙන් මහ කොමසාරිස් කාර්යාලය හා සම්බන්ධ විය හැකි බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ ය.

හදිසි අවශ්‍යතා සඳහා කොන්සියුලර් සේවා දුරකථන අංකය +94-773727832 වේ. කරුණාකර මෙය හදිසි අවශ්‍යතා සඳහා පමණක් බව සලකන්න. සාමාන්‍ය කොන්සියුලර් විමසීම් සඳහා HTTPS://T.CO/B7X096LMJV වෙබ් අඩවියේ සඳහන් දුරකථන අංකයන්ට අමතන්න.

— India in Sri Lanka (@IndiainSL) October 25, 2021

(මවිබ්ම)