විදුලි බිල වැඩිවීම 66යි කිවුවත් 251 කින් වැඩි කරලා

විදුලි බිල වැඩිවීම 66යි කිවුවත් 251 කින් වැඩි කරලා

විදුලිබල මණ්ඩලයේ නව ගාස්තු ඉහළ දැමීමට අනුව මාසික විදුලි ඒකක 30 දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයන්ගේ පැවැති රුපියල් 214 ක මාසික විදුලි ගාස්තුව සියයට 251 කින් ඉහළ දමා ගාස්තුව රුපියල් 753 ක් බවට පත්කර තිබේ.

එම ඉහළ දැමීමේදී පාරිභෝගිකයන් ලක්‍ෂ 15 කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළත් විදුලි ඒකක 30 දක්වා පහළම විදුලි ගාස්තු ස්ථරයේ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 400 ක් බවට පත්කර තිබේ.

විදුලි ඒකක 31 ත් 60 ත් අතර පැවැති රුපියල් 677 ක විදුලි ගාස්තුව සියයට 221 කින් ඉහළ දමමින් එම ගාස්තුව රුපියල් 2,178 ක් බවට පත්කර ඇති අතර එහි ස්ථාවර ගාස්තුව රුපියල් 550 ක් බවට පත්ව තිබේ.

රුපියල් 1,625 ක්ව පැවැති විදුලි ඒකක 61 ත් 90 ත් අතර විදුලි ගාස්තුව රුපියල් 3970 ක් දක්වා ඉහළ දමා ඇති අතර එහි ගාස්තු ඉහළ යෑමේ ප්‍රතිශතය සියයට 144 කි.

විදුලි ඒකක 31 ත් 60 ත් අතර පාරිභෝගිකයන් 1550,000 ක් සහ විදුලි ඒකක 61 ත් 90 ත් අතර පාරිභෝගිකයන් ලක්‍ෂ 14 ක් සිටිති.

විදුලි ඒකක 91 ත් 120 ත් අතර පාරිභෝගිකයන්ගේ මෙතෙක් පැවැති රුපියල් 3,358 ක විදුලි ගාස්තුව සියයට 86 කින් ඉහළ දැමීමෙන් එම ගාස්තුව රුපියල් 6,238 ක් බවට පත්ව තිබේ.

රුපියල් 5,467 ක්ව පැවැති විදුලි ඒකක 121 ත් 180 ත් අතර කාණ්ඩයේ විදුලි ගාස්තුව රුපියල් 8,347 ක් දක්වා ඉහළ දමා ඇති අතර එහි ගාස්තු ඉහළ දැමීමේ ප්‍රතිශතය සියයට 53 කි.

විදුලි ඒකක 180 ට වැඩි පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තුව සියයට 18 කින් පමණක් ඉහළ දමා ඇති අතර එම කාණ්ඩයේ රුපියල් 15,460 ක්ව පැවැති ගාස්තුව රුපියල් 18,300 ක් බවට පත්ව තිබේ.

මෙම ගාස්තු ඉහළ දැමීම ඊයේ (15) වැනිදා සිට ක්‍රියාත්මක බව විදුලිබල මණ්ඩලය පවසයි. 

මූලාශ්‍රය -ලංකාදීප