මහජන සේවාව රකින්න අතිවිශේෂ ගැසට් ගහලා වැඩක් නෑ - සෞඛ්‍ය සේවාට අවශ්‍ය බෙහෙත් ටික දෙන්න

මහජන සේවාව රකින්න අතිවිශේෂ ගැසට් ගහලා වැඩක් නෑ - සෞඛ්‍ය සේවාට අවශ්‍ය බෙහෙත් ටික දෙන්න

ආණ්ඩුවට හිටි හැටියේ සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බව මතක් වෙලා. රෝහල් වලට එන රෝගීන්ට දෙන්න බෙහෙත් ටික නෑ. පරීක්ෂණ කරන්න ප්‍රතික්‍රීයක ටික නෑ. ශල්‍යකර්මයක් කර ගන්න ජීවිතය ලංසුවට තියන්න වෙලා. මේවා ගැන වගේ වගක් නැති ආණ්ඩුවට හිටි හැටියේ සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය බව මතක් වෙලා.

සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය බව මතක් කරන්න, ජනාධිපති ලේකම්ගේ ගැසට් අපිට අවශ්‍ය නෑ. සේවාව සපයන්න අවශ්‍ය පහසුකම් ටික දෙන්න.

සෞඛ්‍ය ලේකම්ගේ අලුත්ම චක්‍රලේකය අනූව, හෙට අනිද්දා වෙනකොට අපිට රෝහල් හවස 4ට වහලා දාන්න වෙන්නත් පුළුවන්. බොහෝ සෞඛ්‍ය සේවාවන් පැය 24 පුරා දුවවන්නේ එක සේවා මුරයකට අදාල කාර්ය මණ්ඩලයෙන්. කරපු සේවාවට ලැබෙන දීමනාවෙන් 15%ක් කපන්න කියලා සෞඛ්‍ය ලේකම් චක්‍රලේඛයක් ගහලා. අතිං වියදං කරගෙන, සෞඛ්‍ය සේවාව පවත්වා ගන්න පුළුවන් කමන් නැහැ.

මේ විදිහට ක්‍රමාණුකූලව සෞඛ්‍ය සේවාව වහලා දැමීමෙව් වුවමණාවක් තමයි ආණ්ඩුවට තියෙන්නේ. සමහරවිට, IMF එක සතුටු කරන්න හිතාගෙන නිදහස් සෞඛ්‍ය සේවාද අකර්මන්‍ය කරනවා වෙන්නත් බැරි නෑ.

දැන් ආණ්ඩුවට ලොකුම භය තියෙන්නේ ඒවාවට විරුද්ධව සෞඛ්‍ය කාර්මණ්ඩල අරගල කිරීම. ඒවා වලක්වන්න අපිව භය කරන්න තමයි ඔය අත්‍යවශ්‍ය සේවා ගැසට්ටුවක් කඩිමුඩියේ ගහ ගත්තේ.

ravi kumudesh 10

| රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය