ගුරු විභාගයක් සඳහා දින නියම වෙයි -ඉක්මනින් අයඳුම් කරන්න

ගුරු විභාගයක් සඳහා දින නියම වෙයි -ඉක්මනින් අයඳුම් කරන්න

දහම් පාසල් ගුරු සහතිකපත්‍ර විභාගය සඳහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය මාර්තු 15 වනදා බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.

ඒ අනුව එම විභාගය සඳහා මාර්ගගත ක්‍රමයට (online) අයදුම්පත් යොමුකිරීමේ පහසුකම සලසා තිබේ.

උද්ගතව තිබූ කොවිඩ් තත්ත්වය හේතුවෙන් 2021 හා 2022 වර්ෂවල එම විභාගය පැවැත්වීමට නොහැකි වුණි.

ඒ හේතුවෙන් එම වර්ෂවල අයදුම්කළ සියලු දහම් පාසල් ගුරුවරුන් ද 2023 වර්ෂය සඳහා නැවත අයදුම්පත් යොමුකළ යුතු බව දැනුම්දෙයි.

අදාළ විභාය සඳහා අයදූම්කරන දහම් පාසලක ගුරුවරුන් 2023.03.15 දිනට අවම වශයෙන් මාස 06ක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබිය යුතු අතර අඛණ්ඩව දහම් පාසලක ගුරුවරයෙක් ලෙස කටයුතු කර තිබිය යුතුය.

එමෙන්ම අයදුම්කරුවන් වයස අවුරුදු 18ට වැඩිවීම මූලික සුදුසුකම වෙයි.

දහම් පාසල් ගුරු සහතිකපත්‍ර විභාගය පිළිබඳ සියලු තොරතුරු හා අයදුම්පත https://forms.office.com/r/9S8Efs9BLB වෙතින් ලබාගත හැකි අතර මාර්ගගත ක්‍රමයටද අයදුම්පත් යොමුකිරීමේ පහසුකම සලසා ඇත.

දහම් පාසල් ගුරු සහතිකපත්‍ර විභාගය එළඹෙන ජුනි මස 17 වනදා දිවයින පුරා මධ්‍යස්ථාන 25 දී පැවැත්වීමට නියමිතය.