රටේ ආර්ථික අර්බුදය සෞඛ්‍ය සේවයේ  ගැටළු 'බිස්නස් මොඩලයක්' කරගෙන වාසි ලබනවා

රටේ ආර්ථික අර්බුදය සෞඛ්‍ය සේවයේ  ගැටළු 'බිස්නස් මොඩලයක්' කරගෙන වාසි ලබනවා

රටේ ආර්ථික අර්බුදයට ගැලපෙන සෞඛ්‍ය ක්‍රමයකට අපි වහා අවතීර්ණ විය යුතුයි. නමුත් සෞඛ්‍ය සේවාවට වග කියන ඉහල පෙලේ විශේෂඥ පරිපාලකයින්ගෙන් අපිට එහෙම භාවිතයක් දකින්නට ලැබෙන්නේ නෑ. ඔවුන් ඉන්නේ ඉතාම සාමාන්‍ය, සරල සුමට භාවිතයක.

මේ මොහොතේ පවතින සෞඛ්‍ය අර්බුධයට මුහුණ දෙන පිළිවෙල පිළිබඳව න්‍යායාත්මක අදහසක් හදා ගැනීමේ වගකීම කෙරෙහි ජනාධිපතිවරයා ඇතුළු රජය මීට වඩා අවධානය යොමු කල යුතුයි.

ආර්ථික අර්බුදය "ව්‍යාපාර මොඩලයක්" කර ගැනීම, සෞඛ්‍ය සේවාව අර්බුදයට ඇද වැටීමට විශාල හේතුවක් වෙලා තියනවා. සෞඛ්‍ය සේවාවේ ගැටලුවට න්‍යායාත්මක උත්තරයක් හොයන්න කාටවත්ම වුවමණාවක් නැති කම, මතුවෙලා තිබෙන ගැටලුවට වඩා විශාල ගැටලුවක්.

මේ අර්බුධය, ආර්ථික අර්බුධයේ දිගුවක් වුණාට, අර්බුධයට හේතුව සෞඛ්‍ය සැපයුම් සඳහා මුදල් නැතිකම නොවේ.

සල්ලි තියන තැන් වලින් අපි බඩු ගන්නේ නෑ. ලියාපදිංචි කිරීමවලට බාධා කරනවා. වලංගු කිරීමේ පරීක්ෂණවල විශාල ඒකාධිකාරයක් හදාගෙන තියනවා. ඒ අතර ඉන්දියන් විරෝධයක්, ඉන්දීයාවේ සහ චීනේ බඩු කොලිටි නෑ වගේ මතවාදයක් පතුරවමින් ඉන්නවා.

ඒ අතර අපි බඩු ගන්න හදන තැන්වලින් අපිට බඩු දෙන්නේ නෑ. ඒවාට බිලියන 40ක විතර ණය ගෙවීම පැහැර හැරලා. සමහර සමාගම් පිටින්ම බංකොලොත් වෙලා. අවසානයේදී, අපි බඩු ගන්න හදන තැන්වලින්, අපිට බඩු දෙන්නේ නෑ. රෝහල් වැහුවත්, ඒකාධිකාරය කඩලා, බඩු ගන්න පුළුවන් තැන්වලින් අපි බඩු ගන්නේත් නෑ වගේ එකක් තමා වෙලා තියෙන්නේ.

ලොකු රටකින් මිලිදී ගත්තා කියලා හෝ ලොකු ගාණක් දීලා ගත්තා කියලා ඖෂධයක් හෝ ප්‍රතික්‍රීයක් 'කොලිටි' වෙන්නේ නෑ. අපිට තත්වයෙන් උසස් අඩුම මිල සැපයුම් ප්‍රතිපත්තිය අනුගමනය කරන්න වෙනවා. ඒ පරිවර්තනය කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ රජයට පෞරුෂයක් නෑ.

ඖෂධ හෝ ප්‍රතික්‍රීයක මිල දී ගැනීමේදී වෙළදපොලේ අඩුම එක මිළදී ගැනීමට, ආයතන ප්‍රධානීන්ට අනිවාර්‍ය කල යුතුයි. වෙළද පොලේ අඩු මිලට තිබෙන සෞඛ්‍ය සැපයුම් කොලිටි නැහැ කියලා කාටවත්ම කියන්න බැහැ. රටේ තියන නීතිය අනූව මොන රටෙන් ආවත්, තත්ත්වය තහවරු නැතුව වෙළදපලට සෞඛ්‍ය සැපයුමක් මුදා හරින්න බැහැ. ඒ නිසාම මිල අඩු එක කොලිටි නෑ කියන කථාද රටට ප්‍රායෝගික නොවන බොරුවක්.

2019 කියන්නේ සෞඛ්‍ය සේවාවට වැඩියෙන්ම මුදල් වියදම්කල වර්ශයක්. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඒ අවුරුද්දේ ඖෂධ සදහා වියදම් කරලා තියෙන්නේ රුපියල් බිලියන 36ක විතර ප්‍රමාණයක් විතරයි. 2022 දැනට තියන තොරතුරු අනූව පමණක් ඖෂධ සංස්ථාව රුපියක් බිලියන 44කට වඩා වියදම් කරලා තියනවා. සමස්ත සෞඛ්‍ය වියදම සලකලා බැලුවොත් අපි ආර්ථික අර්බුධය මතුවෙන්න කලින් සෞඛ්‍ය සැපයුම් සඳහා වියදම් කල ප්‍රමාණයට වඩා විශාල මුදල් ප්‍රමාණයක් අපි වියදම් කරමින් තමයි අපි, සෞඛ්‍ය සේවාව ආපදවට ලක් කරලා තිබෙන්නේ.

මේ ගැටළුවෙන් මිදෙන්න ඕනෑ තරම් ක්‍රමවේද තියනවා. නමුත් වගකිවයුතු කවුරුත්ම ඒ ගැන උණන්දුවක් නැතිකම අපට විශාල ගැටලුවක්. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වුවමණාවන්ට අනූව, නිදහස් සෞඛ්‍ය සේවාවේ බර හෑල්ලු කර ගැනීම සදහා, ආණ්ඩුව වුමණාවෙන්ම මේ තත්වය ඇති වෙන්න ඉඩ හැරලා ඉන්නවද කියන සැකයත් අපට තිබෙනවා.

| රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය