විදුලි සේවකයින් ලෙඩ නිවාඩු දමා අද (27) කොළඹට

විදුලි සේවකයින් ලෙඩ නිවාඩු දමා අද (27) කොළඹට

විදුලි සේවකයින් අද (27)ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ලංවීම පාරිභෝගික සම්බන්ධීකරණ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රියාන්ත වික්‍රමසිංහ මහතා “වැඩබිම“ කළ විමසීමකදී පවසා සිටී.

ආසාධාරණ බදු ප්‍රතිපත්තිය, විද්‍යාත්මක නොවන ආකාරයෙන් විදුලි බිල ඉහළ දැමීම, උසස්වීම් ක්‍රියාත්මක නොකරීම, සැබෑ ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු ඉල්ලීම් හයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගත් බවයි.

දිවයින පුරා විදුලි සේවකයින් කොළඹට කැඳවා විරෝධතාවක නිරතවීමට ද නියමිත බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.