මාර් තු 01 ගුරු-විදුහල්පතිවරු කළු විරෝධතාවයේ

මාර් තු 01 ගුරු-විදුහල්පතිවරු කළු විරෝධතාවයේ

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ලෙස ගුරු-විදුහල්පතිවරුන්ගේ පහත ඉල්ලීම් මුල් කර ගනිමන් මාර්තු 01 දින කළු විරෝධතාවයක් දැක්වීමට තීරණය කර ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මාර්තු 01 දින දිවයින පුරා පාසල්වල සියලු ගුරු-විදුහල්පතිවරු නිරත වන අතර, එදින ගුරුවරුන් පාසල්වල කළු කොඩි දමා, කළු ඇඳුමින් සැරසී හෝ කළු පටියක් බැඳ රාජකාරියේ නිරත වීම සිදුකරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

පහත ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් ආරම්භක පියවරක් ලෙස මෙම විරෝධතාවය පැවැත්වෙන අතර, ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් ඉදිරි කාලයේ දී ප්‍රකාශ කිරීමට නියමිත බව සඳහන්ය.

  • ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවයේ ඉතිරි කොටස ලබාදීම
  • ගුරු-විදුහල්පතිවරුන්ට ප්‍රවාහන දීමනාවක් ලබාදීම
  • ගුරු-විදුහල්පතිවැන්ගේ උසස්වීම් හා වැටුප් වර්ධක ලබාදීම
  • ලබාගත් ණය සඳහා බැංකු පොලිය වැඩිකිරීමට හා බදු අය කිරීමට එරෙහිව මැතිවරණය කල් දැමීමට හා මර්දනයට එරෙහිව