සාකච්ඡා අසාර් ථකයි - මාර් තු 01 වර් ජනය ස්ථිරයි

සාකච්ඡා අසාර් ථකයි - මාර් තු 01 වර් ජනය ස්ථිරයි

රජය විසින් පනවා ඇති අසාධාරණ බදු සංශෝධන කරන ලෙස ජනාධිපතිවරයා සමග  (25) දින පැවැති සාකච්ඡාවේදී කිසිඳු විසඳුමකින් තොරව අවසන් වූ බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයකු “වැඩබිම“ ට පැවසීය.

බදු සංශෝධන පිළිබඳ වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් සකස් කළ වාර්තාවක්ද  ජනාධිපතිවරයා වෙත තමන් ලබාදුන් බවත්,ඒ සඳහාද පිළිගත හැකි විසඳුමක් මෙම සාකච්ඡාවේදි නොලැබුණු බැවින් තමන් සැලසුම් කළ පරිදි මාර්තු 01 පැවැත්වීමට නියමිත වැඩවර්ජනය  ස්ථිරවම පවත්වන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

කෙසේ නමුත් මේ පිළිබඳව සාකච්ඡා ඉදිරියට ගෙන යන බවත්, බදු සංශෝධන දරා ගැනීමට හැකි මට්ටමට ගෙන එන තෙක් මෙම සටන අත් නොහරින බව වෘත්තීයවේදින්ගේ අදහස බවත් වැඩිදුරටත් පවසා සිටියා.