හොඳම තේ දළු නෙලන්නිය තලවකැලේ ආර්. සිදෙයිඅම්මා (photo)

හොඳම තේ දළු නෙලන්නිය තලවකැලේ ආර්. සිදෙයිඅම්මා (photo)

කැළණිවැලි, තලවකැලේ සහ හොරණ වැවිලි සමාගමට අයත් රදැල්ල වතුයායේදි පැවැත්වු හොඳම තේ දළු නෙලන්නිය තරඟයෙන් තලවකැලේ වැවිලි සමාගමේ සමර්සෙට් වතුයායේ ආර්.සිදෙයිඅම්මා මහත්මිය ජයග්‍රහණය කරන ලදි.

හොඳින් වැවුණු තේ කොටසක විනාඩි 20ක් තුළ තේ දළු කිලෝ 10කට වැඩි ප්‍රමාණයක් නෙලමින් ඇය මෙම ජයග්‍රහණයට හිමිකාරිය විය.

ආර්. සිදෙයිඅම්මා මහත්මියට රු. රු ලක්ෂ 3 ක මුදල් ත්‍යාගයක්, රන්පදක්කමක් හා සහතිකයක් ලබාදීමට හේලීස් වතු සමාගමේ පාලනාධිකාරිය කටයුතු කර තිබූණි.

මෙම තරඟය සංවිධානය කර තිබුණේ හේලීස් සමාගම විසිනි.