සාකච්ඡා අසාර්ථක වුනොත් හෙට සෞඛ්‍ය සියලු වෘත්තිය සමිති වැඩවර්ජනය ස්ථිරයි

සාකච්ඡා අසාර්ථක වුනොත් හෙට සෞඛ්‍ය සියලු වෘත්තිය සමිති වැඩවර්ජනය ස්ථිරයි

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වයට හා සෞඛ්‍ය වෘත්තීකයින් මුහුණ දෙන බලවත් පීඩාකාරී තත්ත්වයට ඉල්ලීම් පහක් මුල්කර ගනිමින් සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති ඒකාබද්ධව හෙට (08) වැඩවර්ජනයක් සිදු කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවා ඇත.

එම ඉල්ලීම් වනුයේ,

  1. රජයේ රෝහල් තුළ පවතින උගු ඖෂධ උපකරණ හා පතික්‍රියක හිඟය
  2. සෞඛ්‍ය සේවක වැටුප් 15%ක් දක්වා කප්පාදු කිරීම සඳහා නිකුත් කර ඇති නියෝග ඉවත් කිරීම
  3. සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති මර්දනය අරමුණ කරගනිමින් නිකුත් කර ඇති අත්‍යාවශ්‍ය සේවා ගැසට් නිවේදනය ඉවත් කිරීම
  4. බැංකු පොළී අනුපාත ඉහල නැංවීම මගින් සෞඛ්‍ය වෘත්තිකයින් ආර්ථික පීඩාවට ලක්වීම
  5. ඉහල ගොස් ඇති ජීවන වියදම හා උද්ධමනයට සරිලන දීමනාවක් ලබාදීම යනකරුණු වේ.

කෙසේ වෙතත් අද (07) දින පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් වෘත්තීයසමිති නායකයින් සාකච්ඡාවක් සඳහා කැඳවා ඇති බව රවි කුමුදේස් මහතා “වැඩබිම“ කළ විමසීමකදී පවසා සිටි අතර, සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට දින වර්ජනය නැවැත්විය නොහැකි බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

සබැඳි පුවත්