ජනපති‌ගෙන් වෘත්තීය සමිති නායකයින්ට ආරාධනයක්

ජනපති‌ගෙන් වෘත්තීය සමිති නායකයින්ට ආරාධනයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇතැයි ආරංචි මාර්ග පවසයි.
 
අදාළ සාකච්ඡාව ලබන 10 වනදා පැවැත්වීමට නියමිත බවත්, ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් වීමට නියමිත එම සාකච්ඡාව සඳහා සියලුම වෘත්තීය සමිති නියෝජිතයින්ට දැනටමත් ආරාධනා කර ඇති බවත් වාර්තා වේ.
 
මෙහිදී බදු සංශෝධන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට අපේක්ෂිත බව සඳහන්ය. 
 
මේ අතර ඊයේ (07) දිනයේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්වී තිබේ.
 
එහිදී වෘත්තීමය වශයෙන් පවතින ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා ඒකඟතාවකට පැමිණි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
 
මේ අතර අද දිනයේ එක්දින වැඩවර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.
 

රජයට එරෙහි විරෝධතා දැක්වීමේ පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේආරච්චි මහතා පවසයි.