සෞඛ්‍ය වර්ජනයෙන් සත්කාර සේවා අඩාලයි

සෞඛ්‍ය වර්ජනයෙන් සත්කාර සේවා අඩාලයි
  • රෝහල් ගණනාවක වර්ජනය කරමින් ස්වෙච්චා සේවා සැපයේ
  • ලබන 15සිට සියළු වෘත්තීය සමිති, ඒකාබද්ද සටනකට
  • වෘත්තීය සමිති මර්ධනයට හා කුමන්ත්‍රණ සඳාහා කාර්‍යාලයක් සහ ජනරාල්වරයෙක් නඩත්තු කරන එකම ජනපති, රනිල්

අද (08) පෙරවරු 6.30ට ආරම්භ කල සෞඛ්‍ය වර්ජනය හේතුවෙන් සියළු රෝහල් වල ඖෂධ ලබා දීම, වෛද්‍ය පරීක්ෂණ, විකිරණ පරීක්ෂණ, භෞත චිකිත්සක සේවාවන්, උපස්තායක, ගිලන්රථ, කළමණාකරණය අරක්කැමි, සෞඛ්‍ය සහයක සේවාවන් සියල්ල ඇණහිට ඇති සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

කෙසේ නමුත් රෝගීන්ට බරපතල පීඩාවක් ඇති වීම වලක්වා ගැනීම සදහා හදිසි හා අත්‍යාවශ්‍ය සේවාවන් මෙන්ම ස්වෙච්චා කණ්ඩායම රඳවා ඇත.

මේක රට පුරා දියත් වෙන දැවැන්ත විරෝධතාවයක ආරම්භයක. අද දින සෞඛ්‍ය සේවයෙන් ඇරඹූ අරගලයට හෙට (09) විශ්වවිද්‍යල ආචාරයවරුන්, 13 වනදා සිට වෛද්‍ය නිළධාරීන් එක් වෙනවා. ලබන 15 වෙනිදා වන විට සියළු වෘත්තීය සමිති ඒකාබද්ද වර්ජනයකට යනවා.

මහජන බද මුදලින් වෘත්තීය සමිති මර්ධනයට කාර්යාලයක් නඩත්තු කරන පළවෙනි ජනාධිපති විදිහට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉතිහාසගත වෙනවා. ඔහු වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජනරාල්ව යොදවලා තියෙන්නේ කුමණත්‍රණ කරන්න. සෞඛ්‍ය ලේකම්වරයාව රූකඩයක් කර ගන්න ඔහු උත්සාහ කරමින් ඉන්නවා. ඒ මැදිහත්වීම නිසාම වෘත්තීය ක්‍රියාමාර්ග දික්ගැස්සිලා තියනවා. මහජන මුදල් නාස්ති කරමින් නඩත්තුකරන ජනරාල්ට පවරලා තියන රාජකාරිය රටට හෙලිදරව් විය යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.