ලංකා බැංකු සේවක සංගමයෙන් විශේෂ නිවේදනයක්

ලංකා බැංකු සේවක සංගමයෙන් විශේෂ නිවේදනයක්

අසාධාරණ බදු සංශෝධන වලට එරෙහි සංගමයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ලංකා බැංකු සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එය පහත සඳහන් පරිදි වේ.

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලද බදු සංශෝධනයට එරෙහිව ලංකා බැංකු සේවක සංගමය ලෙසත්, වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ලෙසත් මේ වන විට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකරමින් සිටින අතර අසාධාරණ බදු අයකිරීම වලට සාධාරණ විසදුමක් ලැබෙන තුරු සංගමය ලෙස එම ක්‍රියාමාර්ගවල අඛණ්ඩව නිරත වන බව දන්වා සිටිමු.

මාර්තු 08 හා 09 දිනයන්හිදි වැඩවර්ජන සඳහා අප සංගමය දායක නොවන බව මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණද, මින් ඉදිරියේදී වැඩවර්ජන ඇතුලු වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා සහභාගි නොවන බවට එයින් අදහස් නොකරන බව පැහැදිලිව ප්‍රකාශ කර සිටිමු.

ඒ අනුව වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව හා අනෙකුත් වෘත්තීය සමිති විසින් ඉදිරි සතියේ ගනු ලබන සියලු ක්‍රියාමාර්ග සමග සෘජුව අනුගත වෙමින් කටයුතු කරන බවත්, නිල මණ්ඩල කැඳවීමෙන් පසුව එම ක්‍රියාමාර්ග නිල වශයෙන් ප්‍රකාශ කරන බව වැඩිදුරටත් දන්වා සිටිමු.