ජාතික වෘත්තීය ආරක්ෂණ සහ සෞඛ්‍ය පිළිබඳ ආයතනය පනත සංශෝධනයට

ජාතික වෘත්තීය ආරක්ෂණ සහ සෞඛ්‍ය පිළිබඳ ආයතනය පනත සංශෝධනයට

වෘත්තීය ආරක්ෂණ සහ සෞඛ්‍ය සඳහා ප්‍රමිතීන් සකස් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්තියක් නිකුත් කිරීමේ කාර්යය සඳහා ජාතික වෘත්තීය ආරක්ෂණ සහ සෞඛ්‍ය පිළිබඳ ආයතනයක් පිහිටුවීමත්, සේවායෝජක සහ සේවාදායක යන දෙපාර්ශ්වයේ ආරක්ෂාව සහතික කෙරෙන වෘත්තීය සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමත් අරමුණු කර ගනිමින් 2009 අංක 38 දරන ජාතික වෘත්තීය ආරක්ෂණ සහ සෞඛ්‍ය පිළිබඳ ආයතනය පනත පනවනු ලැබ ඇත.

මෙම පනත කාලීන අවශ්‍යතාවලට අනුව සංශෝධනය කළ යුතු බව හඳුනාගෙන තිබෙන අතර, ජාතික වෘත්තීය ආරක්ෂණ සහ සෞඛ්‍ය පිළිබඳ ආයතනය පනත සංශෝධනය කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.