සෞඛ්‍ය වෘත්තිකයන් මුහුණ දෙන පීඩාකාරී තත්ත්වයන්ට අදාල විසඳූම් නොලැබීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹෙන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් දන්වා සිටී.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,
මගේ සමාංක දරණ 2023.03.07 දිනැති ලිපිය හා බැඳේ.
ඒ අනූව මෙතෙක් අදාල කරුණු පිළිබඳ මැදිහත් වීමක් සිදු වී ඇති බවක් හෝ ඊට විසඳුම් ලබා දෙන බවක් අප වෙත වාර්තා වී නොමැති බව කණගාටුවෙන් ප්‍රකාශ කර සිටිමු.
ඒ අනූව පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් යෝජිත පරිදි 2023.03.15 දින පෙ.ව. 7.00 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව කාරැණිකව දන්වා සිටින අතරම මෙකී ගැටළු විසඳීමට අදාල රජයේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා නිසි බලධාරීන්ගේ වගකීම තවදුරටත් පැහැර හරින්නේ නම් ඉදිරියේදී අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹීමෙන් හෝ මෙකී ගැටළු වලට අදාල විසඳුම් ලබා ගැනීම සඳහා කටයුතු කරන බවද ඉතා ඕනෑ කමින් පෙන්වා දෙමු.
කෙසේ නමුත් රෝගීන්ගේ සහ සෞඛ්‍ය සේවා ලාභීන්ගේ අපහසුතාවයන් මඟහැරවීම සඳහා සියළුම රෝහල් තුල හදිසි, අත්‍යාවශ්‍ය සහ ජීවිතාරක්ෂක සේවා සැපයීම සිදුකරන අතරම සියළුම පිළිකා රෝහල්, ලේ බැංකු, වකුගඩු රෝහල්, ළමා රෝහල් සහ මාතෘ රෝහල් තුලද ස්වේච්ඡාවෙන් සේවාව ආවරණය කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කරන බවද දන්වා සිටිමු.
සබැඳි පුවත්
