වෛද්‍යවරුන් අද සිට වර්ජනයට  

වෛද්‍යවරුන් අද සිට වර්ජනයට  

රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් අද (13) දින සිට පළාත් මට්ටමින් වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට  අවතීරණ වේ.

ඒ අනුව උදෑසන 8.00 සිට පසුදින පෙරවරු 8.00 දක්වා බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර යන පළාත් හතර ආවරණය වන පරිදි සියලු රෝහල්හි වැඩ වර්ජනයේ නිරත වේ.

14 වැනිදා පෙරවරු 8.00 සිට පසුදින පෙරවරු 8.00 දක්වා උතුර, උතුරුමැද, වයඹ, ඌව සහ සබරගමුව යන පළාත් ආවරණය වන පරිදි සියලු රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, (15) දින දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට නියමිතය.

කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය සේවා සහ මෙම වර්ජන කාල සීමාව තුළ හදිසි ප්‍රතිකාර සේවා කිසිසේත් සීමා කිරීමක් සිදු නොවන අතර හදිසි සේවාවන් අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය සියලු පියවර ගනු ලබනු අතර, වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක දි සාම්ප්‍රදායිකව අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ගයන්ට අනුකූලව ළමා රෝහල්, මාතෘ රෝහල්, පිලිකා රෝහල්, ත්‍රිවිධ හමුදා රෝහල් සහ වකුගඩු රෝග ප්‍රතිකාර ඒකකයන්හි මෙන්ම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවනු ඇති බව වෛද්‍ය සංගමය දන්වා ඇත.

සබැදි පුවත්