2023.03.15 දින පැවැත් වන වැඩ වර්ජනය පිළිබඳව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම්දෙමින් පවසන්නේ ඉල්ලීම් විසඳීම සඳහා ආණ්ඩුව මේ දක්වා ක්‍රියා නොකිරීම නිසා වැඩ වර්ජනය කිරීමට සිදුව ඇති බවත් එහිදී මහජනතාවට ඇතිවන අපහසුතාවයට ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන්වන්නේ,
පහත සඳහන් කරනු ලබන ඉල්ලීම් කිහිපය මුල්කර ගනිමින් අප සංගමය 2023.03.15 දින වැඩ වර්ජනයක් කිරීමට තීරණය කර ඇත. මෙම ඉල්ලීම් පිළිබඳව අප සංගමය ඇතුළු වෘත්තතීය සමිති දිගින් දිගටම ආණ්ඩුව දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගන් කීහිපයක් ගෙන ඇත. එහෙත්ත ආණ්ඩුව මෙම ගැටළු විසඳීම සඳහා මේ දක්වාත් කටයුතු කර නැත.
ඉහත සඳහන් කල ඉල්ලීම් විසඳීම සඳහා ආණ්ඩුව මේ දක්වා ක්‍රියා නොකිරීම නිසා වැඩ වර්ජනය කිරීමට සිදුව ඇති බවත් එහිදී මහජනතාවට ඇතිවන අපහසුතාවයට ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකිව යුතු බවත් ප්‍රකාශ කරමු.
