දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු ම කාර්ය මණ්ඩලවල නිවාඩු අද (14) දින සිට වහා ම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස් ගුණසිංහ විසින් දෙපාර්තමේන්තුවේ සියලුම ප්‍රධානීන් වෙත දන්වා තිබෙන බව වාර්තා වේ.
මෙම නිවාඩු අවලංගු කර ඇත්තේ, 2023.02.27 දින ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කර ඇති අංක 2321/07 දරන රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුවය.

	