මීළඟ පොලිස්පති ගෞරවනීය අයෙකු විය යුතුයි - නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

මීළඟ පොලිස්පති ගෞරවනීය අයෙකු විය යුතුයි - නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

මීළඟ පොලිස්පතිවරයා කිසිදු චෝදනාවකට ලක් නොවූ ගෞරවනීය අයෙකු විය යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ පිටපත් ව්‍යවස්ථා සභාවේ සියලු සාමාජිකයන් හට යවා ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ලේකම් නීතිඥ ඉසුරු බාලපටබැඳි මෙම  ලිපියට අත්සන් තබා ඇත.