පෙළපොත් හා නිල ඇඳුම් ලබාදීමේදී මැතිවරණ නිති උල්ලංඝණය කරනවා

පෙළපොත් හා නිල ඇඳුම් ලබාදීමේදී මැතිවරණ නිති උල්ලංඝණය කරනවා

මැතිවරණ නීති උල්ලංඝණයක් පිළිබඳ දැනුවත් කරමින් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ, සභාපතිවරයා වෙත ලිපියක් යවමින් දැනුවත් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

2023.03.20 දානමින් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ (අධ්‍යාපන පරිපාලන) මගින් ඔබේ අංක WP/ED/EAD/06/01-2023 යටතේ සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් අමතා 2023 වර්ෂයට පාසල් දරුවන් සඳහා පෙළපොත් හා නිල ඇඳුම් ලබාදීම පිළිබඳ උත්සව සංවිධානය කරන ලෙස ලිපියකින් දන්වා ඇත.

02ග මෙම ලිපිය පදනම් කරගනිමින් පළාතේ ස්ථාන ගණනාවක මෙම උත්සව සඳහා නියමින් හෝ අනියමින් දේශපාලකයින් සම්බන්ධ කරගන්නා බවට තොරතුරු දැනගැනීමට ඇත.

එහි එක් අවස්ථාවක් ලෙස හොරණ අධ්‍යාපන කලාපයේ එම උත්සව සඳහා විදුර වික්‍රමනායක, සංජීව එදිරිමාන්න හා ලලිත් එල්ලාවන යන මහතුන් සම්බන්ධ කරගැනීමට සැලසුම් කර ඇති බව තොරතුරු ලැබී තිබේ. එබැවින් උක්ත ලිපිය පදනම් කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර ඇති මැතිවරණ නීති උල්ලංඝණය කරන මෙකී උත්සව වළක්වාලීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු.

ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය, ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය, විදුහල්පති සේවා සංගමය, ස්වාධීන අද්‍යපන සේවක සංමය, ඒකාබද්ධ ගුරු සේවා සංගමය, ලංකා ප්‍රගති ගුරු සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය, ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය, සමස්ත ලංකා ගුරු උපදේශකවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමය, කඳුරට ගුරු පෙරමුණ, ගුරු විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ගුරු සංගමය, ශ්‍රී ලංකා අධ්‍යාපන සමාජ සම්මේලනය, වතු ගුරු සංගමය, ජාතික ගුරු සභාව, එක්සත් ද්‍රවිඩ ගුරු සංගමය