ලෝක ක්ෂය රෝග දිනය මාර්තු 24

සෑම වසරකම මාර්තු 24 දින ගෝලීය වශයෙන් ලෝක ක්ෂය රෝග දිනය සමරනු ලැබේ. ශ්‍රී ලංකාවේ වාර්තා වන ප්‍රධානතම බෝ වන රෝග අතරින් ක්ෂය රෝගය දෙවෙනි ස්ථානයේ පවතී. ලෝකයේ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් ඇති කරන ආසාධිත රෝගය ක්ෂය රෝගය වේ(කොවිඩ්19 හැරුණු විට). කලින් හදුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් ක්ෂය රෝගය වැලැක්විය හැකි අතරම සුව කළ හැකිය. ක්ෂය රෝග පාලනය හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන (NPTCCD) සංවිධානය කර ඇත.

ගෝලීය ඉලක්ක වෙත ලඟා වීම සඳහා එනම්, 2035 වන විට ක්ෂය රෝගය තුරන් කිරිමේ ඉලක්ක කරා ලඟා වීමට ශ්‍රී ලංකාව කැප වී සිටින අතර ඒ සඳහා කඩිනම් උත්සහායන් සහ සියළු පාර්ශවකරුවන්ගේ කැප වීම අවශ්‍ය වේ.

මෙම වසරේ ලෝක ක්ෂය රෝග දිනය සැමරීම වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් පවත්වන ලද මාධ්‍ය හමුව පහතින් දැක්වේ.